හුදකලා සයනයේhudhakalaa sayanayee

Hudakala Sayanaye

Lyrics

හුදකලා සයනයේ 
බිඳී යයි නිදි දැහැන්
ගලා ආවොත් කවුළුවෙන්
සුදෝ සුදු සඳ රැහැන්

ඔබේ උණුසුම නොමැති වූ
කල්පනා විජිතයේ
අතිතය යළි මැවි මැවී
කළඹවයි මා සිතුම්

ඔබේ සුවඳින් සුවඳ වූ
මතකයේ දැවටිලා
රැයේ නිසසල ලෝකයේ
තෙමී යයි මා නුවන්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.