Lyrics
හොඳ සිරියාවයි ආකාසේ - වාසනාවට ආදරේ
සඳ තරු පායයි ආකාසේ - වාසනාවට ආදරේ
අපෙ ආදරේ - ආදරේ - අපෙ ආදරේ
පෙමි සුව විඳිනු වගේ - ප්‍රීතියක් ඇත්තේ නෑ
මගෙ හද පෙම් රස උතුරයි - මෝරලා එයි සෙනේ
මින් මතු කිසිම දිනේ - වේදනා දෙන්නේ නෑ
දිවි හිමියෙන් ඔබ ළඟ මං - ඉන්නෙමී පා සෙනේ
රැල්ලයි වෙරළයි වාගෙනේ - ඈත යන්නේ නෑ සෙනේ
අපෙ ආදරේ - ආදරේ - අපෙ ආදරේ
පෙමි සුව විඳිනු වගේ - ප්‍රීතියක් ඇත්තේ නෑ
මගෙ හද පෙම් රස උතුරයි - මෝරලා එයි සෙනේ
නෙතු අග රැදුන ඔබේ - රුව මැකී යන්නේ නෑ
එක හිතකින් ඔබ වෙත මං සෑමදා ළං වුණේ