හොඳ කෙනෙකු ආයේhonda keneku aayee

Honda Keneku Aye

Music:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
Lyrics:
චමෝද් දිල්ෂාන්chamoodh dhilshaan

Lyrics

කිසිදාක ආයේ ඔබ හමු නොවේවා 
යන මගක වත් මට සාදා    
හොඳ කෙනෙකු ආයේ ඔබ හට ලැබේවා 
මගෙ පැතුම එයමයි සදා 
මතුදාක ආයේ ඔබ දුන්නු ඒවා 
යලි මාව සිහිපත් වෙලා 
මේ කඳුළු මාගේ ඔබෙ සතුට වේවා 
මගෙ පැතුම එයමයි සදා

ලොව වෙන කෙනෙක් නෑ මං වගේ 
පෙම් කෙරුවෙ නම් කිසි දිනේ 
දුප්පත් නිසයි මාව ඔබ ලඳේ 
හැර යන්න හේතුව උනේ 

කිසිදාක ආයේ ඔබ....

නැහැ වෛර මං අද ඔබ කෙරේ 
මෙය මාගෙ නම් උරුමයයි 
ජීවත් උනත් තව මං ලොවේ 
මිය ගිය කෙනෙක් වාගෙමයි 

කිසිදාක ආයේ ඔබ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.