හොඳ බොරු ඔයා කිව්වේ මට දිවුරලාhonda boru oyaa kiwwee mata dhiwuralaa

සුපුරුදු ඔයා - Hoda Boru Oya Kiwwe - Supurudu Oya

Lyrics

හොඳ බොරු ඔයා කිව්වේ මට දිවුරලා
ව්ශ්වාසේ කඩ කෙරුවේ මා රවටලා
වැලපෙන්න බෑ එක තැනක නැවතිලා 
සුපුරුදු ඔයා නුපුරුදුයි මට මෙදා 
කවුරුන්ද හරියටම පැරදුනේ කියා 
දැනගන්න ඉවසන්න ඕනම තමා 
කවුරුන්ද හරියටම පැරදුනේ කියා 
දැනගන්න ඉවසන්න ඕනම තමා 

මුළු ජීවිතේ වෙන්කලේ ඔබටමයි 
අමතක කරපු තාලේ පුදුමයි දුකයි 
මුළු ජීවිතේ වෙන්කලේ ඔබටමයි 
අමතක කරපු තාලේ පුදුමයි දුකයි 
අපෙ ලෝකේ බිදදැම්මේ සුදු ඔබ තමයි 
ඉර හද පවා මාගේ ගුණදම් කියයී...//
කවුරුන්ද හරියටම...//

එනකල්ම අන්තිම වෙලාවම මගේ 
ඔබ ලගම නවතින්න ඕනෑ කලේ
එනකල්ම අන්තිම වෙලාවම මගේ 
ඔබ ලගම නවතින්න ඕනෑ කලේ 
හීනයටවත් නොසිතු දෙයකී උනේ
හිතුවේම නැති තැනක අපි වෙන්වුනේ...// 

හොද බොරු ඔයා කිව්වෙ..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.