හෝ ගානා පොකුණේhoo gaanaa pokunee

Ho Gana Pokune

Music:
දිනේෂ් සුබසිංහdhineesh subasinha
Lyrics:
කුසුම්සිරි ලියනආරච්චිkusumsiri liyanaarachchi

Lyrics

චිත්‍රපටය: හෝ ගාන පොකුණ (2017)

(හෝ ගානා පොකුණේ...//)
(මම එනවා අපි එනවා...///)
හෝ ගානා පොකුණේ...

ඉස්සර දවසක ඔයා හොයා ගිය
මගේ හිත ආපහු ගෙදර ගෙනියන්න
ලෝකේ ලස්සනම රොකට් යානයක
මම එනවා අපි එනවා
හෝ ගානා පොකුණේ...

හිත බෑ කිව්වොත් මමත් නවතින්න
අමතර ඇඳුමක් මල්ලේ දමාගෙන
කැවුම්ද කිරිබත් කදමළු බැඳගෙන
මම එනවා... අපි එනවා
හෝ ගානා පොකුණේ...

(රොකට් එකට මහන්සි නම් කියන්න
කරේ තියන් අපි යන්නම් ඔයාව
රොකට් එකට තෙල් මදි නම් දුවන්න
අපි දෙන්නම් තෙල් ටැංකිය පිරෙන්න
හෝ ගානා පොකුණේ...//)

කවදාවත් මුහුද නොදැකපු අයටයි
මේ ඇරයුම හීන දකින හැමටයි
රොකට් එකේ තව ඉඩකඩ බොහොමයි
එන්න යන්න මුහුද අපේ ළඟමයි...

(හෝ ගානා පොකුණේ...//)
(මම එනවා අපි එනවා...///)
හෝ ගානා පොකුණේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.