හිටියා එදා නම් හිටියා එදා නම් මගෙ ළඟ තනියටhitiyaa edhaa nam hitiyaa edhaa nam mage langa thaniyata

Hitiya Eda Nam Mage Langa Thaniyata

Lyrics

හිටියා එදා නම්
හිටියා එදා නම් මගෙ ළඟ තනියට
නුඹ නෑ අද මම විතරයි තනියම //

මගේ හිසට සෙවනැල්ල නුඹේ අත
වෙන්නම් කීවා මතකද නුඹ මට
මා හැර නුඹ ගිය හින්දා ඈතක
මගේ හිසට සෙවනැල්ල මගේ අත

හිටියා එදා නම් මගෙ ළඟ තනියට
නුඹ නෑ අද මම විතරයි තනියම

නුඹගේ මුහුණට පරාද පුර හඳ
දුටු තැන මට හරි හිරිහැර කරදර
මා හැර යනදා නුඹ පසු පස ගිය
මගෙ හිත ආවේ නෑ තව ඔතැනද 

හිටියා එදා නම් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.