හිතුවේවත් නැතිhithuweewath naethi

Hithuwewath Nathi

Music:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
Lyrics:
දමිත පතිරණdhamitha pathirana

Lyrics

හිතුවේවත් නැති නුහුරු දිනයක
නෙත ගැටුණු ඔය සොඳුරු නෙත් යුග
හඹා ආවේ පසුපසින් මම
(ආදරේ බව දැන දැනයි......//)

නොදැක බැරි තැන මොහොතකටවත්
නුහුරු පාරෙන් නුඹ යනෙන දෙස
දුරින් හිඳ මා බලා උන්නේ
(නුඹට ඇති ආදරේ නිසයි......//)

හිතුවේවත් නැති......

නින්ද නොඑනා රැයක් පාසා
නුඹ මගේ කරගන්න සැමදා
හීන කන්දක් හිතේ ඇන්දේ
(නිමක් නැති ආදරේ තමයි.......//)

හිතුවේවත් නැති.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.