හිතුවක්කාරයිhithuwakkaarayi

Hithuwakkari

Lyrics

හිතුවක්කාරයි මං ඇයි හදන්න පුළුවන්ද
මෙච්චර කල් ඔච්චර try කරලා එපා වුණේ නැද්ද
මං ඇර ලස්සන වෙන කෙල්ලෙක් දැකලාවත් නැද්ද
ලෙන්ගතුකම් ඔය හැටි පෑවත් මම අහුවුනේ නෑ ඇත්ද.....

(තවත් නාඩගම් එපා ඇති ඉතින් ඔය කෝලම් මඩුවේ
පුරප්පාඩු නෑ පස්සෙන් ආවට අවුරුද්දක් තිස්සේ.....//)
අත්තෙන් අත්තට මාරු වෙලා මට්ටු වෙන්න මට කිට්ටු වෙලා
ඔට්ටුයි බැරුවට මාව රවටා මගේ හිත ගන්නට මටත් හොරා......

හිතුවක්කාරයි.......

(ඉලන්දාරි යයි හිතාන හිටියට සුදුත් වෙලා කොණ්ඩේ
කුදුත් වෙලා ඇවිදිනකොට චූචක බමුණා වගෙයි මුන්දැ....//) 
ඇත්තට නරකද ඔය මුහුණෙන් වැඩක් ගන්න එන වසන්තයේ
නටන්න ඔළු බක්කන් මඩුවේ දෙන්නද සෙට් කරලා නොමිලේ.......

හිතුවක්කාරයි.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.