හිතුවක්කාර මනමාලිhithuwakkaara manamaali

Hithuwakkara Manamali

Music:
තේජා ඉද්දමල්ගොඩtheejaa idhdhamalgoda
Lyrics:
තේජා ඉද්දමල්ගොඩtheejaa idhdhamalgoda

Lyrics

හිතුවක්කාර මනමාලි 
මම ඔබේම නම් 
ආලවන්ත සිරියාවී 
පෙම් කරන්න තුරුළු කරන් 
සීතල හැන්දෑවක ආදර ඕවිල්ලක 
තනිවෙමු ලොවට හැංගිලා ආදරෙන්... 

(ගලා හැලෙන දිය ඇල්ලක පෙණ පිඩු අස්සේ 
පින්න මතින් පිබිදෙන මල් ගොමුවක් අතරේ...//)
සීත සිතු රෑක දැනෙන හැඟුම් පොදි බැඳන් 
හැංගි හැංගි තනිවෙමු අපි ආදරෙන්... 

හිතුවක්කාර මනමාලි......

(පියාඹන්න හිතෙනවා මට වලාකුළු සොයා 
සීත සුළං රහස් කියයි ආදරේ සොයා...//)
හිමින් හිමින් තුරුල් වෙවී හැඟුම් පිබිදිලා 
සිතුම් පැතුම් තනි වෙලාලු ආදරෙන්... 

හිතුවක්කාර මනමාලි......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.