හිතුමතෙන් ළං වෙලාhithumathen lan welaa

Hithumathen Lan Wela

Music:
හසිත් සාරංගhasith saaranga
Lyrics:
උපුල් දිෂන්ත රනවකupul dhishantha ranawaka

Lyrics

හිතුමතෙන් ළං වෙලා මේ හිතම නුඹගේ කළා
හැම හීනේ නුඹම නෙලා මගේ ලෝකේ මා හිර කළා
සාධාරණයි හිතලා තනිවෙන්න
නඩු අහලා යන්න දිනලාම ඇති බැව් මා දන්නවා
සුනදරයි උණුහුමයි ඒ පිදූ ජීවිතේ 
ආදරේ නාමයෙන් නුඹ මැව්......

තනිකමේ සුව වින්ද ඒ කාලයේ
තනිවෙලා මං හිටියේ මගේ පාඩුවේ
තුන් හිතකවත් නොතිබූ මේ ආදරේ
පැහැසරයි නෙත් අගට රසඳුන වගේ
සුනදරයි උණුහුමයි ඒ පිදූ ජීවිතේ 
ආදරේ නාමයෙන් නුඹ මැව්......

හිත යටින් කකියනා උණු කඳුළු මේ
ඉලන්නේ නුඹ නොවේ මගේ ජීවිතේ
නොලැබුණත් කවදාවත් පෙර වගේ
ගුලිවෙන්න නොඉවසුම් පෙර වගේ
සුනදරයි උණුහුමයි ඒ පිදූ ජීවිතේ 
ආදරේ නාමයෙන් නුඹ මැව්......

හිතුමතෙන්......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.