හිතුමතේ හිනැහිලාhithumathee hinaehilaa

Hithumathe Hinehila

Music:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
Lyrics:
තුෂාරි අබේසේකරthushaari abeeseekara

Lyrics

හිතුමතේ හිනැහිලා මා හද ප්‍රේමයෙන් ළං වෙලා
සෙනෙහසින් ඉඟි කළා දෙනෙතේ පිරුණු හසරැල් මවා
උණුසුමින් පිබිදිලා කවි සිත ආදරෙන් හැඩ කළා
(සඳ මගේ නුඹ සදා දැහැනෙන් සිත නොදෙයි දිවිතුරා.....//)

තනිකමත් නැතිවෙලා වාගේ මගේ ළඟම හිනැහිලා
පාළුවත් නැති නිසා මගේ ලොව හෙමි හෙමින් හැඩ වුණා
(පියඹා සිත හුඟක් පාවුණා දෙහදක් ආදරෙන් යාවුණා.....//)

සිතුවමක් හැඩ වෙලා වාගේ මගේ තුරුලේ දැවටිලා
දෙව්දුවක් සිත පුරා පෙම්බර ආලයක් පුද කළා
(පියඹා සිත හුඟක් පාවුණා දෙහදක් ආදරෙන් යාවුණා.....//)

හිතුමතේ හිනැහිලා.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.