හිතු මනාපේ බැඳිලාhithu manaapee baendilaa

Hithu Manape Badila

Lyrics

හිතු මනාපේ බැඳිලා
පැරදුනේ මං එදා
මා නෙත් මානයෙන් ඔබ වෙන් වුණා
මැරුණු මාගේ හිතට ආයේ
එන්න දැන්වත් සොයා...
හුස්ම වැටෙනා මොහොත ගානේ 
මතක ඔබමයි සදා...

සමු අරන් වෙන්වෙලා - ඔබ ගියත් රිදවලා..
ආයෙමත් එයි කියා - මං ඉන්නවා මග බලා......// 

පෙර අපේ මතක හංගා ඉන්න හිතුවත් ඔයා
හිත මගේ එයට නෑනේ දෙන්නෙ ඉඩකුත් සොයා
ගිය දිනේ ඔබට දැනුනේ නැද්ද මගෙ වේදනා
ඔබ වගේ ඉන්න බෑනේ ආදරෙයි මං සදා....

සමු අරන් වෙන් වෙලා - ඔබ ගියත් රිදවලා...
ආයෙමත් එයි කියා - මං ඉන්නවා මග බලා.........//

දිලිඳු මේ හිතට ලං වී ආදරේ දුන් ඔයා
හිතුමතේ සතුට හංගා දුකම මට ලං කලා
වැරදි නෑ කෙරුවෙ මා නම් සත්තමයි පෙම් කලා
වැටහිලා දිනෙක ආයේ නැවත යළි එයි ඔයා...

හිතු මනාපේ බැඳිලා
පැරදුනේ මං එදා
මා නෙත් මානයෙන් ඔබ වෙන් වුණා
මැරුණු මාගේ හිතට ආයේ
එන්න දැන්වත් සොයා
හුස්ම වැටෙනා මොහොත ගානේ
මතක ඔබමයි සදා..

සමු අරන් වෙන් වෙලා - ඔබ ගියත් රිදවලා....
ආයෙමත් එයි කියා - මං ඉන්නවා මග බලා.......//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.