Lyrics
හිතවතුනි අද සුදු ඇඳන් එන්න
මේ සුසානේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වල දමන්නට
අසීරුයි මට ඔබ උදව් වෙන්න
හිතවතුනි අද සුදු ඇඳන් එන්න
පාසලේ අරලියා ගස් යට
ලියූ එක කවි පේලියක්
තවම වටහා ගන්න බැරි වුනි
ඇසුරු කෙරුවත් කාලයක්
හිතවතුනි අද සුදු ඇඳන් එන්න....
මතක ගොක් කොළ රැහැන් අතරින්
යලි ලියන්නට පෙම් කවක්
මටත් මගෙ හිත හදා ගන්නට
දෙන්න අරලියා මල් මිටක්
හිතවතුනි අද සුදු ඇඳන් එන්න....