හිතවතිය​hithawathiya

Hithawathiya

Music:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
Lyrics:
දිනේශ් සඳරුවන්dhineesh sandaruwan

Lyrics

ඉඳ හිටවත් මා මතකෙට එන්නේ වත් නැතිද 
සෙවනැල්ල වගේ ළගින් උන්න ඔබේ හිතට 
පාළු රැයක මා තනිකර යන්න තරම් දුරක 
සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය 
සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය

මේ මාවත් දිගේ ඇවිද එකතු කරපු මතක
තනිව ඇවිදිනා මගෙ හිත ඇවිලෙයි ගිණි ගොඩක 
හදාගන්න ඔයාගේ හිත අමතක කර මාව
සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය 
සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය 

මේ පවනේ හමා ඇදෙන ඔබෙ ආදර සුවඳ 
මහා සැනසුමක් ගෙන එයි කඳුළු පිරැන නෙතට
වරදක්වත් නොවී මගෙන් රිදවන්නට මෙහෙම
සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය 
සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය

ඉඳ හිටවත් මා මතකෙට....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.