හිතටත් හොරාhithatath horaa

Hithatath Hora

Music:
අමිත් ගුරුamith guru
Lyrics:
සත්සර කසුන් පතිරණsathsara kasun pathirana

Lyrics

හිතටත් හොරා ඔබටම පෙම් කළා
හමුවීම පෙර පුරුදු බව වැටහුණා
කාටත් වඩා ඔබ මට වටිනවා
හිත කැමති ඔබ නේද මට තේරුණා
හුරුකම් ඇති පෙර අපි හමුවෙලා
මම පැතුවේ ඔය දෑත විතරයි
මෙතුවක් අපි එකටම වෙන්නැති
හැමදාම ළඟ ඉන්න එන්නම්......

හැංගීලා ඇස් අස්සේ ඉන්නම් ඔබගේ තුරුලේ
මේ හිතින් ඔබට බැඳුනේ නෑ මා නම් එය දන්නේ
නුදුරේම මම කියමි මේ හිතේ ආදරය 
ඔබ මාගේ මුළු ලොව වගේ
හුරුකම් ඇති පෙර අපි හමුවෙලා
මම පැතුවේ ඔය දෑත විතරයි
මෙතුවක් අපි එකටම වෙන්නැති
හැමදාම ළඟ ඉන්න එන්නම්......

නොපැවසූ පෙම් රහසේ පවසන්නම් මා සොඳුරේ
අතිනත ඔබගේ ගන්නේ අද හෙට දිනමයි එන්නේ
නුදුරේම මම කියමි මේ හිතේ ආදරය 
ඔබ මාගේ මුළු ලොව වගේ
හුරුකම් ඇති පෙර අපි හමුවෙලා
මම පැතුවේ ඔය දෑත විතරයි
මෙතුවක් අපි එකටම වෙන්නැති
හැමදාම ළඟ ඉන්න එන්නම්......

හිතටත් හොරා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.