හිතට හිත පෙම් කෙරූ තරම්hithata hitha pem keruu tharam

Hithata Hitha Pem Keru Tharam

Lyrics

හිතට හිත පෙම් කෙරූ තරම්
මතක නැතිවද පැතූ පැතුම්
හුස්ම නුඹ මගෙ හුස්ම තරම්
වටිනවා මගෙ රත්තරන්

ඔය සිනහවේ ඔය කතාවේ මිහිර අමතක නෑ
වේදනාවයි කදුල පමනයි සතුට මට හිමි නෑ
රිදුම් නොම දෙම් වේදනා ඇති තවත් උහුලනු බෑ
ගැහෙන හදවත මියදුනු දාටත් අමතක වෙන්නේ නෑ

හිතට හිත පෙම් කෙරූ තරම්....

පැතුව පිවිතුරු ප්‍රේම හැගුමන් මා ඔබෙන් ලැබැදී
ලැබුනේ විරහව කදුල තනිකම බිදුනු සිතුවිලී
රිදුම් නොම දෙම් වේදනා ඇති තවත් උහුලනු බෑ තනි වී
මගේ හදවත මියදුනු දාටත් අමතක නොම වේවී
හිතට හිත පෙම් කෙරූ තරම්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.