හිතට හිතhithata hitha

Hithata Hitha

Music:
තිලිණ රුහුණගේthilina ruhunagee
Lyrics:
රචිත වාකිෂ්ටrachitha waakishta

Lyrics

(හිතට හිත තියනා 
කඳුළු ඇස් සිඹිනා ආදරේ...//)
හැඟුමන් වෙලා හිඳි 
සුසුමන් පුරා එලි 
(හිත පැටලිලා ආදරේ...//)

(හිතට හිත තියනා 
කඳුළු ඇස් සිඹිනා ආදරේ...//)

තුන්යම ගෙවා මා 
සැමරුම් මවාලා 
හීනය පුරා මං ලිව්වා කතා
මතකයි වගේ සසරට එහා 
අපිම අපි වී ලඟටම උනා  
 
මතකය වෙලා සිතුවම් මවාලා 
ජීවිත පොතේ මං හෙව්වේ ඔයා  
මතකයි වගේ සසරට එහා 
අපිම අපි වී ලඟටම උනා 

හිතට හිත තියනා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.