හිතන්නෙපා හිතන්නෙපාhithannepaa hithannepaa

Hithannepa

Lyrics

හිතන්නෙපා... හිතන්නෙපා...
මා ගැන නුඹ වැරදිම තාලෙට
මං ඒහෙම ඇහුවෙ නුඹ ගැන මට
ඇති වුන ආලෙට.... මට ඇති වුන ආලෙට..//

මොන ගහේ පිපි තිබුනත්
මල සුවදයි නම් මට..//
එය නෙලා සිඹිමි මල් පෙති වල
අවසර තරමට... ඇති අවසර තරමට...

හිතන්නෙපා...

නුඹ කොහේ ඉදන් පැතුවත්
මගෙ උණුහුම බිදකට..//
මද පවන් රොදක් සේ එන්නම්
ලග දැවටෙන්නට... සියොලඟ දැවටෙන්නට..

හිතන්නෙපා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.