හිතන්නකෝ අයියේhithannakoo ayiyee

Hithannako Aiye

Lyrics

හිතන්නකෝ අයියේ
දැන්වත් හැදෙන්නකෝ අයියේ
දඟ ළමයින් නරකයි බෝ සැරයි
හොඳ ළමයට කවුරුත් ආදරෙයි...

සෙල්ලම ලෙල්ලම වෙනවාමයි
ඒකෙන් ඇස් රතු වෙනවාමයි
මැර කොල්ලන් එක්කලා හාදකම්
උඩ පැනිලි නැටිලි නාඩගම්
හොඳ නෑ කැතයි
චී චී කැතයි ලැජ්ජා නැද්දෝ...

එකටෙක නොකියා වාද වෙලා
ගුරුදෙගුරුන් හට මෙල්ල වෙලා
හැදුනේ නැත්නම් අයියා මගේ
බලු වලිගේ වාගේමයි ඇදේ
හොඳ නෑ කැතයි
චී චී කැතයි ලැජ්ජා නැද්දෝ...

පොඩි අපි දෙන්නා ඇස් දෙක වාගේ අම්මත් සලකාවි 
උදේ හවස වැඳ පුදන්න අම්මා දෙවියොත් සලකාවි
හොර මැරකම් එපා එපා
බොරැ කීවෝතින් පව් සිදු වේවි
නංගී පොඩි හැම කාලේදී අයියා ගාවයි...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.