හිතක් තිබුනාhithak thibunaa

Hithak Thibuna

Music:
දෙනුවන් කෞෂකdhenuwan kaushaka
Lyrics:
සත්‍යජිත් ලක්මාල්sathyajith lakmaal

Lyrics

හිතක් තිබුනා ඔබ ලබන්නට 
අපිට අපි ආදරේ කල 
මතක අතරේ දැනෙනවා මට 
ඔබ ලබන්නට බැරි බව

මම හොයපු මවපු හීන පොඩි කර... 
දිය කර හරිනවා කඳුළු විලසට...

මම ඔයත් එක්ක එක දවසක තනිවෙච්ච 
පෙම් හිතක් තිබුනා මුලු හදවත ඩැහැගත්ත 
වෙන හිතක් ලඟට කොහොමත් බෑ ලංවෙන්න
පිදු ආදරේම හැමදාකම සුරකින්න 

මම හොයපු මවපු හීන පොඩි කර
දිය කර හරිනවා කදුලු විලසට...

හිත රැවැට්ටුවත් බැ මට පව් පුරවන්න 
අද ඉන්න තැනක ඔයා හොඳින් හිනහැන්න 
තව හිතක් නොමැත ආයෙත්නම් රැවටෙන්න
මේ ජිවිතයම විඳවන්නට ඉඩ දෙන්න.....

මම හොයපු මවපු හීන පොඩි කර
දිය කර හරිනවා කදුලු විලසට...

හිතක් තිබුනා ඔබ ලබන්නට...

මම හොයපු මවපු හීන පොඩි කර
දිය කර හරිනවා කදුලු විලසට...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.