හිතක් තිබුණාhithak thibunaa

Hithak thibuna

Lyrics:
චමින්ද රත්නසූරියchamindha rathnasuuriya

Lyrics

හිතක් තිබුණා
මටත් පෙම් කරනා
හිතන් උන්නා
ඈ මගෙම කියලා
හිතුවෙවත් නෑ
ඈ යාවි යැයි හැරදා
ඉල් මහේ සඳ සේ
ඈ ගියා මැකිලා
ඉල් මහේ සඳ සේ
ඈ ගියා මැකිලා

කලක් තිබුණා
ඉමක් නොදකිනා //
අනත් සුවයක
පහස සොයනා
අද වසක් විසක් සේ
දැනුණාට ඔබට මා
අද වසක් විසක් සේ
දැනුණාට ඔබට මා

මහා කඳුලක
ළතැවුල් සඟවා //
පාළු අඳුරක
ගුලිව හිඳ මා
ඔබේ වදන් පිහිතුඩු
ඇන ගනිමි හැම රෑ
ඔබේ වදන් පිහිතුඩු
ඇන ගනිමි හැම  රෑ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.