හිත රිඳුන තරම්hitha rinduna tharam

Hitha Riduna Tharam

Lyrics

හිත රිඳුන තරම්.. හිත හැඬුව තරම්..
මා හඬන ඇසින්.. නුඹ සෙවු තරම්..
මුළු ලොවට හොරෙන්.. පෙම් කෙරූ තරම්..
නුඹ නොදැන ඉතින්.. හැර ගියා මෙමං..

ආදරෙන් ඉක් ඇබින්දක් ගෙන මගෙ හිතේ තියලා..
සෙනෙහසේ සුව ඉතින් මේ යැයි ළඟ ඉදන් කියලා..
දුන්නු සෙනෙහේ මටත් රහසේ යලි අරන් පෙරදා..
රිදුවේ කොහොමද තවත් කෙනෙකුට පළමු පෙම කියලා..

මුළු ලොවට හොරෙන්..

ආදරෙන් දුන් රිදුම් අතුරේ එකින් එක මැවිලා..
නුඹ කියූ පෙම් වදන් ඈසේ අඬයි හිත රිදිලා..
ඔහුගෙ සෙනෙහේ මහමෙරක්සේ මුළු හදින් මුමුණා..
සිනා සෙන්නේ කෙලෙස කිව මැන මගේ දුක දැකලා..

හිත රිඳුන තරම්..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.