Lyrics
(හිත රිදුන හැමදාම සැනසුවේ මං නේද
කව්රුත් නැතිදාක තනි මැකුවේ වෙන කවුද//)
එහෙව් උන්නු මං එක්ක අමනාපකම් මොකද
(දෙනුවන් කතා මියැදීලා.....//)
හිත රිදුන හැමදාම......
හැංගිලා ඇස් කොනේ වේදනා යට
ඉන්න බෑ ආයේ නම් කඳුළු එක්කොට
මේ තරම් කාරණා එක් වුණත් කඳුළට තව
(හඬන්නට තහනම් පිරිමි හිතකට.....//)
රළු පපුවේ ඉකි ගසයි වේදනා
නිල් දෙනුවන් මා නිසා හිනැහිලා
ඇවිදින් ගිහින් නොකියාම වෙන් වෙලා
(සෙල්ලම් කළේ ඇයි හිත එක්කලා......///)