හිත පුරාම ඩෙන්ගා නටනhitha puraama dengaa natana

Hitha Purama Denga Natana

Music:
දිනේෂ් සුබසිංහdhineesh subasinha
Lyrics:
කුසුම්සිරි ලියනආරච්චිkusumsiri liyanaarachchi

Lyrics

හිත පුරාම ඩෙන්ගා නටන ආසාවක් ඉටු කරන්න
(අපට උදව්වක් කරන්න රොකට් එකක් හොයාගන්න...//)
හෝ හෝ හෝහෝ...//

ඔළුව ඇතුලේ පිනුම් ගහන ආසාවට ඉඩක් දෙන්න
(එකම දවසකට විතරක් රොකට් එකක් හොයලා දෙන්න...//)
හෝ හෝ හෝහෝ...//

(රොකට් එකක්... ඇයි උඹලට හඳට යන්නද...)

(හඳට ගිහින් එන්න නෙවෙයි ලෝකේ වටේ යන්න නෙවෙයි...//)
(ඩෙන්ගා නටන පිනුම් ගහන ආසාවට දොර අරින්න...//)
හෝ හෝ හෝහෝ...//

මේ ළඟකදී මුහුද කියන වචනේ අහපුවම 
අහපු ගමන් හිත දිව්වා මුහුද හොයාගෙන
ඒ ගිය හිත එන්න බෑලු ඒක හින්දා මම
(යන්න ඕන හිත ගේන්න පාර අසාගෙන...//)

රෑට නින්ද යන්නෙත් නෑ නින්ද ගියත් නිවනක් නෑ
(දුන් ටක ටක තිට පට පට...//)
පේන හීන හැම එකකම මුහුද විතරමයි තනිකර
(දුන් ටක ටක තිට පට පට...//)
ඉගෙනීමට ඔළුව හොරයි දවස පුරා හිතම බරයි
(දුන් ටක ටක තිට පට පට...//)
කෑම කන්න පිරියක් නෑ මුහුද නැතිව බේතක් නෑ
(දුන් ටක ටක තිට පට පට...//) ඩෝං...

පිහිට වෙන්න ඉතින් අපට දැකලා එන්න හැබෑ මුහුද
(ගමේ එකම එක බස් එක අපට දෙන්න එක වරකට...//)
දුන් ටක ටක තිට පට පට... 
රොකට් එකක් අරන් බස් එක දෙන්නකෝ එක දවසකට
(ජස්ටින් මාමාගේ බස් එක අපට දෙන්න එක වරකට...//)
(දුන් ටක ටක තිට පට පට...//)ඩෝං...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.