හිත පිළිගන්නේ නැහැhitha piligannee naehae

Hitha Piliganne Naha

Music:
විරාජ් පෙරේරාwiraaj pereeraa
Lyrics:
සත්සර කසුන් පතිරණsathsara kasun pathirana

Lyrics

හිත පිළිගන්නේ නැහැ තවත් දුක මට දුන්නේ ඔබ කියා 
අමතක කරන්න බැහැ තවත් මට මගෙ ලෝකය ඔබ නිසා 
තව දිනක් එයි කියා අපි අපේ වෙනවද එදා 
දහසකුත් ප්‍රාර්ථනා ඔබෙ නමින් තියෙනවා සදා 

මිරිඟුවකි ආදරේ තේරුනේ පසුවී තමා 
දවසකදි ඔබ හඬයි මං තනිව හැඬුවාටත් වඩා 
තව දිනක් එයි කියා අපි අපේ වෙනවද එදා 
දහසකුත් ප්‍රාර්ථනා ඔබෙ නමින් තියෙනවා සදා 

හිත තදින් වෙන්කලා කාටවත් නැති තරම් 
තේරුනොත් මගෙ සෙනෙහෙ ඔබම යලි එයි මා සොයා 
තව දිනක් එයි කියා අපි අපේ වෙනවද එදා 
දහසකුත් ප්‍රාර්ථනා ඔබෙ නමින් තියෙනවා සදා 

හිත පිළිගන්නේ නැහැ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.