හිත නිවනා භාවනාවක්දෝhitha niwanaa bhaawanaawakdhoo

Hitha Niwana Bhawanawakdo

Lyrics

හිත නිවනා භාවනාවක්දෝ
ඔබේ ආදරේ
හිත දවනා වේදනාවක්දෝ
ඔබේ ආදරේ
අපි ආයේ එක් නොවෙනම්
ඒ භවයේ කිසි දිනේ
මතු සසරේ ආදරෙන් 
අපි නැවත මුන ගැහෙමු
මේ ලොවේ....

දකින්න පින් කර තිබුනත් ඔයාව 
ලබන්න පින නැති දා
මැරෙන්න හිතුනත් මැරෙන්න බෑ
ඔය ඇස් අමතක කරලා //

ආත්මයෙන් ආත්මයට
හැමදාම මං පැතුව
වටිනාම සම්පත ඔයා...
නුබ තරම් මට දැනෙන 
වෙන සැනසුමක් තාම
මේ ලෝකේ නෑ හමුවෙලා...
අපි ආයේ එක් නොවේනම් 
මේ භවයේ කිසි දිනේ
මතු සසරේ ආදරෙන් 
අපි නැවත මුණගැහෙමු 
මේ ලොවේ...

දකින්න පිං කර තිබුනත් ඔයාව
ලබන්න පින නැති දා
මැරෙන්න හිතුනත් මැරෙන්න 
බෑ ඔය ඇස් අමතක කරලා //

මට දුන්න ආදරය
වෙන කෙනෙකුගේ හිතට
දැනෙන්නටවත් දෙන්නෙපා
සත්තයි මගේ මැණික
ආදරෙයි මං ඔබට 
මේ සප්ත සයූරට වඩා

අපි ආයේ එක් නොවේනම්
මේ භවයේ කිසි දිනේ
මතු සසරේ ආදරෙන් 
අපි නැවත මුණගැහෙමු මේ ලොවේ

දකින්න පිං කර තිබුනත් ඔයාව
ලබන්න පින නැති දා
මැරෙන්න හිතුනත් මැරෙන්න
බෑ ඔය ඇස් අමතක කරලා //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.