Lyrics
හිත නිවනා භාවනාවක්දෝ ඔබේ ආදරේ
හිත දවනා වේදනාවක්දෝ ඔබේ ආදරේ
අපි ආයේ එක් නොවේ නම් මේ භවයේ කිසි දිනේ
මතු සසරේ ආදරෙන් අපි නැවත මුණ ගැහෙමු මේ ලොවේ
(දකින්න පින් කර තිබුණත් ඔයාව ලබන්න පින නැති දා
මැරෙන්න හිතුණත් මැරෙන්න බෑ ඔය ඇස් අමතක කරලා....//)
ආත්මයෙන් ආත්මයට හැමදාම මං පැතුව
වටිනාම සම්පත ඔයා
නුඹ තරම් මට දැනෙන වෙන සැනසුමක් තාම
මේ ලෝකේ නෑ හමු වෙලා
අපි ආයේ එක් නොවේ නම් මේ භවයේ කිසි දිනේ
මතු සසරේ ආදරෙන් අපි නැවත මුණ ගැහෙමු මේ ලොවේ
(දකින්න පින් කර තිබුණත් ඔයාව ලබන්න පින නැති දා
මැරෙන්න හිතුණත් මැරෙන්න බෑ ඔය ඇස් අමතක කරලා....//)
මට දුන්න ආදරය වෙන කෙනෙකුගේ හිතට
දැනෙන්නට වත් දෙන්නෙපා
සත්තයි මගේ මැණික ආදරෙයි මං ඔබට
මේ සප්ත සයුරට වඩා