හිත නාඹර තාලෙට වෙල් එලිවල නැටුවාhitha naambara thaaleta wel eliwala naetuwaa

Hitha Nabara Thaleta

Lyrics

හිත නාඹර තාලෙට වෙල් එලිවල නැටුවා
එන හිමිදිරි සිහිලෙට සිතිවිලි කිති කැවුනා
එක පාරට ආදර මල් සුවදක් දැනුණා
මදහාස නගා ඈ හොරැහින් වගෙ
බැලුවා

හිත නාඹර තාලෙට...//

පාළු අම්ඹරයේ දේදුන්නක් ඇදිලා
පාට ගෑ විලසේ පාළුව සැගව ගියා
පාළු අම්ඹරයේ.....//
සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුමේ
පාළු වූ මහදේ කවුරුද තනි මැකුවේ

හිත නාඹර තාලෙට......//

පාට සමනලයන් ආදර ගී මුමුනා
රෝස මකරන්දේ සුවදට ඉව කෙරුවා
පාට සමනලයන්......//
සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුමේ 
පාළු අම්ඹරයේ කවුරුද තනි මැකුවේ 

හිත නාඹර තාලෙට.......//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.