Lyrics
ඈ.. මුදු කෝමලී මා
දෙස යලි හැරීලා
රිසි සේ බැලුම් හෙලාලා
පෑ.. ඉඟි මා වෙලාලා
සුසුමන් විදාලා
හිත මා දුකින් මුදා
කෙල්ලෙ
(හිතා මතා ඉඟත් සලා
ලතා නුඹේ හැඟුම් පෙලා
මා හිත දවා ඔයා නගා
කැන්දා යන්නේ මං කල් බලා)..//
මන බැඳුණු කිංකිණි කතාව
නෙත ගැටුනු නිතඹ ලතාව
එදා ඉඟි බිඟි කල රටාව
හද කිති කැවී ගියා
නුඹ මගේම නොවෙද හිතාන
හිත ඇඳුනු නුඹම පතාන
ආවෙ යන්න අරගෙන ඔතාන
කෙල්ලෙ නුඹ තමා කෙනා
(රුව ආයේ දකිනා දින හද මාගේ වයනා
මුදු තාලයෙන්ම ආයෙ මත් උනා)..//
හිතා මතා ඉඟත් සලා....//
RAP
නුඹේ ලතා..
දැක්ක හිත වගෙයි තනි ඇතා..(ඇතා)
නුඹ පතා
ඇදබෑවේ බේගල් ගොත ගොතා..(ගොතා)
බින්න බැස්සත් නොබැස්සත් මං උස්සන්නෙ කෙල්ල
මං කැස්සත් නුරුස්සන්නේ ආලෙට නේද
බැස්සත් විස්සක් කාටත් නෑ මෙල්ල
දැං විස්සත් පැන්නා හරි කාලේනේ නේද
වයන්නම් මං ආලේ සිතාරේ
ගලං යන්නේ මගේ ආලේ පිටාරේ
දුන්තත් හිත නුඹ අවාරේ
ගැහුවත් කනපිට ගති නං නෑරේ මගේ
මුදාගත්තේ අලකලංචියෙන් (හාහ්)
ගනිච්චියක් නෑ දැන් තහංචියෙන් (හාහ්)
අතගන්නෙ වෙන්නෑ තොලොංචි මං
අංචි අදින උන්ට දෙන්නෙ පලංචියෙන්
කෙල්ලෙ
හිතා මතා ඉඟත් සලා....//