හිත මනමාලකම් කරයිhitha manamaalakam karayi

Hitha Manamalakam Karai

Lyrics

හිත මනමාලකම් කරයි
සිතිවිලි සීතලෙන් ගැහෙයි //
අඳුරේ නුහුර සැරිසරයි
ගී කිරිල්ලියේ ....
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි //

ලේ කැටි සීතලෙන් මිදෙයි
තනිකම් දොසින් හා පුරයි
රෑ යම රෝසයෙන් පිරෙයි
ගී කිරිල්ලියේ
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි //

වැලපෙන මුහුන හරි සැරයි
සුළඟට හාදු අමතකයි
නිදිනැති හීන ඇස හරියි
ගී කිරිල්ලියේ
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි //

හිත මනමාලකම් ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.