Lyrics
හිත ලෝබ කම් කරනා තරම්
කෙල්ලේ ඔයා දන්නවා
තරහක් මවන් බොරුවට මගෙන්
ඈතට වෙලා ඉන්නවා
මේ හිත මගෙන් අරගෙන හොරෙන්
දැන් අයිතිකම් කියනවා
ඔය කෝලකම් දැක්කම ඉතින්
තව ආදරේ හිතෙනවා
මේ හුස්ම නොවැටෙන තරම්
ඔබ මගෙ හදවතේ ඉඩ අරන්
ඉස්පාසු නැතිවී ගිහින්
වෙන කවුරුත්ම නෑ ඔබ තරම්
දැනුනේ නැතිවදෝ තාම මේ ආදරේ
හිත ලෝබ කම්....
රුව එක්ක බැඳෙනා තරම්
සමනැල් පාට නැතුවත් ඉතින්
තියවද්දි ඔය හිත හොරෙන්
බැඳුනා ආයේ නොබිඳෙන තරම්
ඉන්නදෝ ලංවෙලා යන්නදෝ වෙන්වෙලා
හිත ලෝබ කම්....