හිත හෙමිහිට හදාගන්නhitha hemihita hadhaaganna

Hitha Hemihita Hadaganna

Lyrics

හිත හෙමිහිට හදාගන්න රත්තරන් මට
සිහිනෙන්වත් එන්න එපා සුවද අරගෙන
සමරුපොතේ දඟ කෙරුවත් අපේ මතකය
හදා ගන්න මට දෙන්න මගේ හදවත
හදා ගන්න මට දෙන්න මගේ හදවත

අකුරු කරපු කාලේ අපි එකම පන්තියේ
කුළුදුලේම පෙම් බැන්දේ මා ඔබටයි රහසේ
කියාගන්න බැරිවුවට හිතේ ආදරේ
සිහිනෙන්වත් ඔයා ලගින් නෑ වෙන්වුවේ


යහළු යෙහෙලියන් සමගින් අපි පාසල් පාරේ
ඇවිද ගියපු මග පාළුයි අපි අද නෑ නේ
කියාගන්න බැරිවුවට හිතේ ආදරේ
සිතින් නේද අපි දෙන්නා ලංවී ආදරේ කලේ


සිත හෙමිහිට හදාගන්න රත්තරන් මට
සිහිනෙන්වත් එන්න එපා සුවද අරගෙන
සමරුපොතේ දග කෙරුවත් අපේ මතකය
හදා ගන්න මට දෙන්න මගේ හදවත
හදා ගන්න මට දෙන්න මගේ හදවත

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.