හිත හැදුවෙත් ඔයාhitha haedhuweth oyaa

Hitha Haduweth Oya

Music:
තිලිණ රුහුණගේthilina ruhunagee
Lyrics:
රචිත වාකිෂ්ටrachitha waakishta

Lyrics

හිත හැදුවෙත් ඔයා දුක දන්නෙත් ඔයා විතරයි 
මට හිටියෙත් ඔයා මං දන්නෙත් ඔයා සත්තයි 
ඉර හඳටත් වඩා අහසට ලංවෙලා 
දිවුරුම් දුන් කතා මතකයි 
ඒ හැම බොරු වෙලා අප නෙත් වෙන්වෙලා 
මායාවක් වගේ පුදුමයි පුදුමයි.....

සංතාප සෝ සුසුම් තව බෝ දුරයි  හිතෙන්
හිනා වුණේ අපි නම් හෙවණැල්ල වාගේ 
මගේ ළඟින් ඉන්න හිතුණා නම්
මේ කඳුළු කතා තහනම්
එළිවෙන්නත් කලින් හීනය පොඩි කළා
මායාවී ඔයා ඇවිදින් ඇවිදින්.......

හිත හැදුවෙත් ඔයා.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.