හිත හදාගන්න පුලුවන්නම්hitha hadhaaganna puluwannam

Hitha Hadaganna Puluwannam

Lyrics

හිත හදාගන්න පුලුවන්නම් හදාගන්න තිබුනා
ඔබ මවා දුන්නු ලෝකයේ මම නිහඩ වෙලා උන්නා
දුර ඈත ඉදන් සිහින ගෙනත් මගේ ලෝකය පුරවා
බොරු ආදරයක් පෙන්නා ඔබ මා අසරණ කෙරුවා

මගෙන් අරගෙන ආදරේ අහුරක්
දුන්නේ මා හට ආදරේ බිදුවක්
ඒක නිසයි කදුළුම විතරක්
ආදරය නිහඩම සෙවණක්...

හිත හදාගන්න .../

දුරින් ඉදගෙන ආදරේ කෙරුවත් 
ඔයා දන්නේ නෑ තිබුනු සෙනෙහසක්
ඒක නිසයි මෙතරම්ම දුකක්
ආදරය නිහඩම ගොදුරක්...

හිත හදාගන්න .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.