හිත ආදරේ සොයා hitha aadharee soyaa

Hitha Adare Soya

Music:
ශිහාන් මිහිරංගshihaan mihiranga
Lyrics:
ශිහාන් මිහිරංගshihaan mihiranga

Lyrics

හිත ආදරේ සොයා යනවද බොරු කතා කියා
හිත එක තැනක තියා ගන්න බැහැ වගේ ඔයා
ඔය ලා දෙතොල් තියා මා මුව සනසවයි ඔයා
මා ඔය උකුලේ හොවා ගන්නකො ආදරෙයි කියා .. මා හා

විහිළුවෙන් බොළඳ චාටුවෙන් මගේ ආදරේ ගන්න බෑ 
මොන තරම් ආදරේ කලත් කෙල්ලෝ ජීවිතේ දෙන්නේ නෑ 

ලස්සන පාටට හිනැහුණු හීනෙට මුලකුරක් හෙව්වා
හීන ඉසව්වක රජ කල කුමරෙක් ආදරෙයි කිව්වා
හීන කතන්දර ඔහොමමයි 
හැබෑ වෙන්නේ නෑ සත්තකයි ආදරී.... 

විහිළුවෙන් බොළඳ චාටුවෙන් .../

රන්වන් දෙතොලට දිලිසෙන පාටට 
ආදරෙයි කිව්වේ නෑ 
මං ලග නවතින ලස්සන හදවත් ඔයාගේ හීනේ නෑ
බොළඳ උනත් හරි සුන්දරයි
ජීවිතේ හරි ලස්සනයි ඇත්තමයි 

විහිළුවෙන් බොළඳ චාටුවෙන් .../
හිත ආදරේ සොයා .../
විහිළුවෙන් බොළඳ චාටුවෙන් ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.