හිත් පුරා පෙම් පිරූ සෙනෙහසhith puraa pem piruu senehasa

Hith Pura Pem Piru

Lyrics

හිත් පුරා පෙම් පිරූ සෙනෙහස 
ගමට යනතුරු එක්කරන්
කොච්චරක් උව බලා ඉන්නම් කමක් නෑ මට 
මක් කරන්නද රත්තරන් 

සත් මසක් ඉක්මුනා මෙතුවක් ඇඟිලි ගැන්නද කොයිතරම් 
එක්කරන්නට ඔබේ සිතිවිලි 
දවස දුර ඇයි පමා වෙන්නට 
මේ තරම්.....

වත්කමින් නුබෙ හීන ඉතිරී 
වඩින තුරු නැකතක් අරන්
නෙත් විලේ කඳුලු සඟවා 
නුබෙ පෙරමග බලා ඉන්නද රත්තරන්..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.