හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේhis tin ekak waageyi apee mee jiiwithee

His Tin Ekak Wage Ape Me Jeewithe

Music:
පී. එල්. ඒ. සෝමපාලpii. el. ee. soomapaala
Lyrics:
සිරිල් A සීලවිමලsiril a siilawimala

Lyrics

(හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්නම් අතේ සල්ලී)..//
කාටවත් බය නෑ අපි තිබුණත් නැතත් සල්ලී
ඕ... තිබුණත් නැතත් සල්ලී
අපි කයිවාරු නෑ මල්ලී

ඒ වුණත්
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්නම් අතේ සල්ලී

අපේ පාටිය පිරිමි පාටියයි
අපි ඡන්දෙ දෙන්නේ වාසියටයි
කොයි කාගෙ ආණ්ඩුවත් අපට එකයි
අප‍ට ඕනෑ ප්‍රජාතත්ත්‍රවාදයයි

ඒ වුණත්
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්නම් අතේ සල්ලී

නැති බැරි එකා තල්ලු වෙනවා
පුළුවන් මිනිහා හිනහා වෙනවා
වැටි වැටි වුණත් නැගිටිනවා
මගේ බලෙත් මං පෙන්නනවා

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්නම් අතේ සල්ලී

කිසි වාසියක් නෑ හාං...
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්නම් අතේ සල්ලී
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.