හිරුද මුවා වීhirudha muwaa wii

Hiruda Muwa Vee

Music:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
Lyrics:
උපාලි ධනවලවිතානupaali dhhanawalawithaana

Lyrics

හිරුද මුවා වී ලැසි ගමන බලාවී
හිරුද මුවා වී ලැසි ගමන බලාවී
කිංකිණි හඬ පරදන කැකිරි පැලෙන කොමළ හිනා
කිංකිණි හඬ පරදන කැකිරි පැලෙන කොමළ හිනා
හිරුද මුවා වී ලැසි ගමන බලාවී
හිරුද මුවා වී ලැසි ගමන බලාවී

කට කැඩි කළය අරන් කුඹුකෙ ළිඳට දියට ඇදෙන
කට කැඩි කළය අරන් කුඹුකෙ ළිඳට දියට ඇදෙන
ඉර බටු තරුව වගේ ගමට සිරිය සතුට ගෙනෙයි

හිරුද මුවා වී ලැසි ගමන බලාවී.../

කළුවර ගලන වෙලේ නොයන් ගමන් නියර දිගේ
කළුවර ගලන වෙලේ නොයන් ගමන් නියර දිගේ
බක් මහ නැකත් බලා එළිය කරන් ගෙපැල මගේ

හිරුද මුවා වී ලැසි ගමන බලාවී.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.