Lyrics
හිරු පිබිදෙන විට - කඳුවැල් අතරින්
රැස් දහරක් වී ඔබ එන්නේ
නෙත් හරවා මම ඉවත බැලූ විට
මල් කැකුළක් වී හිනැහෙන්නේ
මාලිනියේ - මාලිනියේ
මාලිනියේ - මා ළාලනියේ
ඔබගෙන් වෙන් වී තනි වී ඉන්නට
ඇයි මාගේ සිත විමසන්නේ
එනමුත් එසේ මා තනි වූ මොහොතක
සිතුවිල්ලක් වී ඔබ එන්නේ
මාලිනියේ - මාලිනියේ
මාලිනියේ - මා ළාලනියේ
නිදි යහනේ මා - දෙනෙත් වැසූ විට
සිහිනෙක දැවටී ඔබ එන්නේ
ගීයක පද මැද තනි වූ මොහොතක
තනුවක් වී සවනට එන්නේ
(මාලිනියේ - මාලිනියේ
මාලිනියේ - මා ළාලනියේ)..///