හිරු නොනගීවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේhiru nonagiiwaa rae gewii chithraa kumaariyee

Hiru Nonageewa Raa Gewi Chithra Kumariye

Lyrics:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

Lyrics

හිරු නොනගීවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේ
රහසේ ඔබයි මමයි මෙසේ හමු වූ පහන් රැයේ
රැය දිගු වේවා කුමාරියේ //
හිරු නොනගීවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේ

එක්ටැම් ගේ ස්වර්ණ මන්දිරේ
කොඳුරනවා පෙම්කතා මුමුණනවා පෙම්කතා
සඳළුතලේ ස්වප්න රාජ්‍යයේ ලියලනවා පෙම්ලතා
කුමරී මා දීඝගාමිණි කුමරා සුරත දැරූ
අසිපත ඇත අප දිනන තුරු
හිරු නොනගීවා රෑ ගෙවී චිත්‍රා කුමාරියේ

අනුරපුරේ රාජධානියේ
මතු දිනයේ රැව් නඟා පුවත අපේ රැව් නඟා
එක්ටැම් ගේ සෙවන දුන් සෙනේ හෙට ලියැවේ ඉතිහාසේ
මතු දා තුන්සිංහලේ දිලී බැබළේ වරින් වරේ
ගාමිණි චිත්‍රා කතන්දරේ

හිරු නොනගීවා ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.