හිරු නැති රැයේ hiru naethi raeyee

Hiru Nethi Raye

Album
Chithakaya
Music:
භරණ රණසෙන්bharana ranasen
Lyrics:
භරණ රණසෙන්bharana ranasen

Lyrics

හිරු නැති රැයේ 
මා සමගින් ඔබ සිටිමින් 
සඳපාන වගේ ඔබ මා දිරිමත් කළා 
මිරිඟු වැසි හමුවේ කිසිදා පසු නොලබමින් 
ජීවිතයේ  අර්ථය  දුන්නා... 

මිනිසුන්ගේ ලෝකයේ අම්මේ ඔබ දෙවියෙකි 
හැම මිනිසෙක් ළඟ ආදරයෙන් වැඩසිටිනා 
මිනිසුනේ ඇයිද මෙලෙසින් දෙවියන් නොඅගයන්නේ 
බිවු කිරි වල වත් ණය නොගෙවා මිය යන්නේ...

හිරු නැති රැයේ...

ලොව දිළිඳුව හඬද්දී 
ඇගේ කොටසත් මටම දී 
කුසගිනි ජාලා ඇය දිය බී මිදෙව්වා 
රුදුරු රළ හමුවේ 
මගේ සෙවනැල්ලත් ඔබ වේ 
මාගෙන් තොර ලෝකයක් ඇය හට නැතුවා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.