හිරු හැපී හඩන සයුරේhiru haepii hadana sayuree

Hiru Hapi Handana Sayure

Lyrics

හිරු හැපී හඩන සයුරේ
තරු කඩා වැටෙන මොහොතේ
ඔබ සොයා ගනිමි දගකරන තාරකා
යුවලක් ළග අහසේ
ලොව නිදි ගත් මේ යාමේ

කරදිය කිරි හඩ දුටුවා
තුසරයක් විලස ඈතින්
පඩු පැහැගත් අව්වේ පා සළකුණු 
නෑ මැකී ගියේ විගසින්
තෙමුනත් වෙරළේ රළකින්

හිරු හැපී හඩන ....

කරටිය වෙරළට නැමුනු
ගසකට වෙරළේ තනිවූ
අපි තනිකම නොමදී රෑ වෙන තුරු 
කී කතා ඇසේ රහසින්
කවුරුත් සමුගත් වෙරළින්

හිරැ හැපී හඩන ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.