හිරැ දෙවියො තරහ වෙලා තාම ආවේ නෑhirae dhewiyo tharaha welaa thaama aawee nae

Hiru Dewiyo Tharaha

Lyrics

හිරැ දෙවියො තරහ වෙලා තාම ආවේ නෑ
කුලී වැඩක් කරන අපට වැඩට යන්න බෑ 
මන්දිරවල වරැසාවට බිම තෙමෙන්නෙ නෑ
අපේ පැටව් බඩගිනි දැනුනට අඩන්නෙ නෑ//

කෙනෙකුට සැප ඇති කාලෙට තව කෙනෙකු දුකේ
සංසාරේ හැටි මෙහෙමයි බුදුවදන් හැගේ
පෙරකල පව් තව පියවී නැති වෙලා වගේ
හිනාවෙන්න කොහොමද උඔ කියාපන් පුතේ

හිරැ දෙවියො....../

වතුර බිංදු උදලු මිට දිගේ බේරෙද්දී
පය දියවී උදලු තලේ මඩ තැවරෙද්දී 
මං එනකං බඩ ගින්දර උඔ උහුලද්දි 
පොලව කැපෙයි අඩමින් පස් තට්ටු බුරැලු වී

හිරැ දෙවියෝ....../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.