හිරු දෙවියන්ගේhiru dhewiyangee

Hiru Deviyange

Lyrics

(හිරු දෙවියන්ගේ නෑයෝ සඳ දෙවියන්ගේ නෑයෝ
ආදි අපේ මුතු මිත්තෝ ඉරෙන් හඳෙන් වැඩ ගත්තෝ...//)

හිරුට හොරා පිබිදී ගොවිපළට ඇදෙනවා
සඳුට සිනා සී කුඹරෙන් ගොඩ වී එනවා
පායන හිරු සමඟ ගඟට බැස සැරසෙනවා
මූදේ හිරු නාන කලට ඇඟ සෝදනවා....

හිරු දෙවියන්ගේ....

හිරු එළියේ රණ කෙළියේ සවිය බලනවා
සඳ එළියේ බණ මඩුවේ බවුන් වඩනවා
ඉරුපානේ සිලට ඇගේ දාඩිය එනවා
හඳපානේ ගෙලට නිවන් අරමුණු එනවා....

හිරු දෙවියන්ගේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.