හිරිමල් හැඟුම්hirimal haengum

Hirimal Hagum

Music:
සංජුල හිමාලsanjula himaala
Lyrics:
ප්‍රගීත් රාජපක්‍ෂpragiith raajapaksha

Lyrics

හිරිමල් හැඟුම් ඉහිරිලා
තරුමල් සුසුම් හල හලා
ගිලිහුණු සුපෙම් මල් හොයනවා
පායන තුරා නුඹේ හිනා
කළුවරම හීනෙට වෙලා
ලෙන්ගතු සිතුම් දැවෙනවා...

ආදරේ හීන යායක ආයේ
සිහිවීලා ඈ නෙත් මානේ
විඳවනා ජීවිතෙන්
සාගරේ සේම කඳුළැල් දෑසේ
වේදනා ගොන්න සඟවා මහදේ
රැඳෙනවා ආදරයේ නාමෙන්...

මාරුතේ ගින්න වැලපී මහදේ
සැඟවීලා ඈ නෙතු මානේ
පීදෙනා මේ සුසුම්
උණුහුමේ උන්න තුරුලේම පහසේ
හැරදමා යන්න සිතුවද රහසේ
දුක් දෙන්නෙපා ආදරයේ නාමෙන්...

හිරිමල් හැඟුම්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.