හිඟුරල කන්දhingurala kandha

Hingurala kanda

Music:
දර්ශන රුවන් දිසානායකdharshana ruwan dhisaanaayaka
Lyrics:
තලවතුගොඩ චන්දවිම්ල හිමිthalawathugoda chandhawimla himi

Lyrics

හිඟුරල කන්ද මුදුනෙන් සඳ  නැග එද්දී 
කුමරිය  නුඹයි ඒ සඳ දැක හින හෙන්නි 
තේ දළුවෙලා දුප්පත් කම ලියලද්දී 
ආලය නොවේ නුඹ මට දෙනෙතක් දුන්නි.....

සීතා ඔය  අමනාපෙන් ගලන විට 
මං දන්නවා හෙට වැස්සක් වැටෙන බව 
පිය සෙනෙහසක් නැති  පැල්පත තෙමෙන විට 
ඔච්චම් කලෙ කොහොමද ගම්මුන් නුඹට.... 

අම්මා කපන කිරි ගස් වැස්සෙන්  හේදි 
ගියමුත් පේරු දානය වැරදුමක්  නැති
බැඳුමක් නිසා හිත දහසක් වර තෙමුණි 
පායපු විටදී එය  දහසක් වර රිදුණි....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.