හීනෙන් ඇවිදින් මගෙ ළඟ ඔබ ඉන්නhiinen aewidhin mage langa oba inna

Hinen Awidin Mage Langa Oba Inna

Lyrics

හීනෙන් ඇවිදින් මගෙ ළඟ ඔබ ඉන්න
එපා එපා මගෙ හිතනම් රිදවන්න
බාධක ආවත් නොසැලී ඉවසන්න
සඳක් වෙලා ඔබ මගෙ ලඟ නවතින්න

කාටත් නොකියපු රහසක් පවසන්නම්
රෝස දෙකම්මුල් බින්දක් සිපගන්නම්
වරදක් වේනම් වැරදි හදාගන්නම්
කවදා හරි ඔබව මගේම වෙනවානම්

ඇස් දෙක වාගෙම ඔබව බලා ගන්නම්
පාලොස්වක සඳ ඔබට ගෙනත් දෙන්නම්
මගෙ ඇස් දෙක ළඟ ඔබ නවතිනවානම්
දැස පියෙන තුරු ඔබ ළඟ මම ඉන්නම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.