හිංචි පිංචි හාවාhinchi pinchi haawaa

Hinchi Pinchi Hawa

Lyrics

හිංචි පිංචි හාවා යද්දී තනිවෙලා 
විලේ උන්නු ඉබ්බා දැකලා වතුර නෑවිලා 
ඉබ්බා දැකපු හාවා ඉවුරේ නැවතිලා 
ඔට්ටු තියලා අපි දුවමුද ඇහුවා ලංවෙලා...

දුවන්නට හැකි තමුසේ හපනෙකි 
ඔච්චර ඔය කියන නිසා දුවලා බලමුද 
හැබැයි හාවෝ මට ඉස්සර වෙන්න දෙනවද...

හාවා දුව එනා නිදන්නට වුණා 
ඉබ්බා හෙමින් හෙමින් නියම තැනට ලංවුණා 
නිදා උන්නු හාවා ඌට උඩින් පැරදුණා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.