හිනා වෙන්න බැරි තරමට hinaa wenna baeri tharamata

Hinawenna Beri Tharamata

Lyrics

හිනා වෙන්න බැරි තරමට 
හඬා ගන්න බැරි තරමට// 
නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා 
තැනූ මාලිගා 
කතා කියන තරු දෑසට... 
ලියාදෙන්න  මදි අහසම// 
නුඹේ නමින් මගේ හදේ මැවෙනා ගීතිකා 
මැවෙනා ගීතිකා...
 
දෙතොල නම් ගොලුයි, මුව කමල මල් සමයි 
හිතට නෙතට, සුවඳ ගෙන තියා 
නුඹ රහසින් ඇවිත් මගේ ලොවම හීනයක් කලා

අහස නම් දුරයි, සඳ නේන වග සැබැයි
සඳට රැයට තරු වලට හොරා... 
නුඹ නොකියා ගිහින්. මගේ පාලු දෙනෙත බොඳ කලා..
 
හිනා වෙන්න බැරි තරමට 
හඬා ගන්න බැරි තරමට
කතා කියන තරු දෑසට
ලියාදෙන්න මදි අහසම
නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා
මැවෙනා ගීතිකා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.