හිනාවීhinaawii

Hinawee

Music:
හෂාන් තිළිණhashaan thilina
Lyrics:
ප්‍රසන්න කුමාර ධම්මලගේprasanna kumaara dhhammalagee

Lyrics

යලි අමතා විමසා බැලුවත්
දුක සැප දැන් මාගේ
නුඹට වඩා මට නෑ සතුටක්
කවදාවත් තිබුණේ

අතහැර යන දවසේ
යලි නොහැරුණු දෑසේ
කඳුලැලි දැන් පල නොවේ
නුඹ නිදුකින් ඉනු මැනේ

හිනාවී - මට බොරු කරාපූ - හිත බිඳ දමාපූ
නුඹවම පතාපූ - රැවටුනි මා
කියාවී - අපි කල් ගෙවාපූ - හැටි පෙම් කරාපූ
දුටුවන් ගොතාපූ - රිදෙන කතා

මේ හද ගැහෙන - තුරු කිසිදාක
නෑ මා නම් හිතුවෙ යන්නට හැර
මතු යම් දාක - අපි අපගේම
වේවා යැයි නිතර යැදුවේ මම

අතහැර යන දවසේ....
හිනාවී - මට බොරු කරාපූ....

නුඹම ගෙනාව - ලස්සන හීන
බොඳ කරලා යන්න හිතුවත් නුඹ
මා නොකිළිටිව - පිදු ආදරය
පණ තියෙනා තෙක්ම පවතිනු ඇත

අතහැර යන දවසේ....
හිනාවී - මට බොරු කරාපූ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.